“සුද්දී”

ඈ හීන්දෑරිය… සුදුය… කොහේ, කොතැන දුටුවත් ඇගේ වත කමල සිනා මලින් පිරී ඉතිරී ඇත… මා ඇයව දන්නේ ඇගේ මව ඈ හැර දමා ගොස් කිහිප දිනකට පසුවය. එදා සිට ඇගේ නිවහන වූයේ අපේ නිවසයි. ඈ අනෙකුන් මෙන් නොව. දුටුවන සිත් පිනවයි. ඉතා ප්‍රියකරුය. අප කා හටත් ඈ ඉතා ලෙංගතුය…
විටෙක ඇගේ ලෙංගතුකම මහත් වදයකි. අහල, පහල කොහේ ගියත් ඈ අප සමග එයි… අප සමග පමණක් නොව, කා සමගත් ඈ කුළුපගය. කවුරුත් ඇයට ආදරේය…
මා නිවසින් පිටවන විටත්, පෙරලා පැමිණෙන විටත් ඈ මා අසලට දුවවිත් ඇගේ එල්ලෙයි. ඒ ඇගේ සිරිතය. එවිට ඈ සමග වචනයක් හෝ කතා නොකලහොත් ඈ හද පාරවා ගනී… ඇගේ දෙනෙතේ ඒ බව මනාව පිළිබිඹු වේ…
ඇගේ මුළු ලෝකයම අපේ නිවැසියන්ය… ඉන් තොර ලොවක් ඈ නොදනී… ඉන් ඇයට වැඩකුත් නැත… නපුරුකමක් කියා දෙයක් ඈ දන්නේවත් නැත…
පහළ ගෙදර පොඩි උන් දෙන්නා ඈට නොදෙන වදයක් නැත… වරෙක උඩ දමයි, තවත් වරෙක් පිට උඩ නගී, නැතහොත් බිම දිග ඇදගෙන යයි… ඒත් ඈ නොවේ කේන්ති ගන්නේ… ඇගේ සිනාසෙන දෙනෙත් එහෙමමය… එයනම් පුදුම සහගතය…
අද ඈ රෝගාතුරවය… දහසක් දුක් විඳදරාගෙන ඈ සිනාසෙයි… කෙතරම් අමාරු වුවද එය නොපෙන්වා සිටීමට ඈ වෑයම් කරයි… ඒත් ඒ දෙනෙත් අද කඳුළු පටලයකින් වැසී ඇත… ඈ අසනීපයෙනි… “සුද්දී” යැයි කී විට අමාරුවෙන් හිස ඔසවයි… අනේ ඇයට කුමක් සිදුවීද…? දෙවියනි ඇයට ඉක්මන් සුවය ලබාදුන මැනවි…
තිරිසන් ආත්මයක් වුව මිනිසුන්ට වඩා යහපත් ගති ඇති “සුද්දී” අප අතර සිටින බොහෝ නොමිනිසුන්ට වඩා බොහෝ මිනිස් ගති වලින් යතුය… උඹට ඉක්මන් සුවය ලැබේවා…

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.