ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?

කොහොමද ඉතින් යාළුවනේ…? ගොඩක් කාලෙකින් එන්න බැරි උනා… ජංජාලෙ කරක් ගහනකොට හම්බ උනා ලස්සන සින්දුවක්. අපෙ බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු කළා ශූරීන්ගෙ ලස්සන සින්දුවක්. හොඳින් අහල බලන්න. ලොකු තේරුමක් මේකෙ තියෙනව… මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. හදිසියෙ ආවෙ. ළඟදීම හොඳ පෝස්ට් ටිකක් අරන් එන්නම්… ජය… :)

ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද…?
ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද…?
ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි…
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති…

අත් මිට කාසි පනම් ඇති විට…
එතකොට ගෑණුත් ඇති වට පිට…
එයල අත මිට නැති දා හැර යයි යන්නට…
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට…
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා…
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා…
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ…
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ…

එදා චූල පදුම රජතුමාගෙ බිසවට…
පිපාසෙ උන කාන්තාරෙ යනකොට…
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට…
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට…
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට…
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට…
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට…
අම්ම එහෙම කරයිද තම පුතාට…

එදා රජතුම සහ බිසව කැලේ යනවිට….
වැදි කුමරෙක් කඩා පැන්න සටනට…
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට…
ආස හිතුන රජතුමාගෙ බිසවට…
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට…
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට…
අන්න ඒක නිසා නහින්න වුනා රජාට…
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට…
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා…
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා…
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා…
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා…

සමහර තරුණ, තරුණියන්ට…

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.