ළහිරු පෙරේරා තව්තිසාවේ ජනෙල් බින්ඳ වගයි

හදිසියෙම මේ පැත්තෙ ගොඩවැදිල යන්න හිතුන. අලුතෙන් පටන්ගත්තු වැඩ ටිකක් නිසා හරිම කාර්‍ය්බහුලයි.
හදිසියෙම මේ පැත්තෙ එන්න හිතුනෙ හිත කළකිරුනු කාරනාවක් නිසා. ඒක ඒ තරම් දේකුත් නෙවි. ඒත් මගෙ හිත ඒකට කළකිරුන.
ඇහුවද ළහිරු පේරේරගෙ අළුත්ම ගීතය? ඇත්තටම ළහිරුගෙ “රම්බරී” ගීතය නිසා මම ආස කරපු ගායකයෙක් තමයි ඔහු. මොකද ඒකෙ ලොකු තේරුමක් නැතත් හොදට කරල තිබුන නිසා. ඒ වගේම සාදයකදි වගේ ඉතින් පොඩි ඩාන්ස් එකක් දාන්නත් හොදයිනෙ. ඉතින් ලගදි දවසක මම දැක්ක ඔහුගෙ අළුත් ගීතයක් නිකුත්වුනා කියල. නම “කොදෙවු රටේ පොල්”. අහල නැත්නම් මෙතනින් යන්න… මොබිටෙල් සමාගම වෙනුවෙන් තමයි කරල තියෙන්නෙ කියලයි කියල තිබුනෙ. හොයල, හොයල අන්තිමට හොයාගත්ත කියමුකො සින්දුව. ඉතින් ආසාවෙන් අහන්න ගත්ත. ඒකත් රම්බරී වගේම තමයි. හරයක් නැතත් අමුතු ගතියක් තිබුනා. ඒත් එක තැනක මම නැවතුනා “දිවියලෝකෙ ටීවි වටේ දෙවියො පිරෙන්නේ… අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ… තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ… එන්න…”. කවුරු මොන මතයක් දැරුවත් මමනම් මේකට පෞද්ගලිකව එකඟ නෑ… පුදුමෙ කියන්නෙ 2011 Cricket World Cup එකේ Official Theme Song එකත් මේකලු. කරුමෙටවත් සිංහල දන්න එක සුද්දෙක් හරි හිටියනම් උන් ලංකාව ගැන කොහොම හිතයිද? අඩුම තරමෙ රටේ වගකිවයුතු මිනිස්සු, ආයතනවත් මේක දැකල නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.

සිංහල බෞද්ධයෙක් හැටියට මම ඒකට කැමති නෑ. මම දන්නෙ නෑ ළහිරු සිංහලද, බෞද්ධද කියලවත්. ඔහුගෙ සිංදු අහද්දි ඔහුගෙ වතගොත මම හෙවුවෙත් නෑ. ඒකෙන් මට වැඩක් තිබුනෙත් නෑ. සමහරවිට කවුරුහරි කියයි ඔහු නෙවි වෙන්න ඇති මේක ලියුවෙ කියලත්. ඒකත් එහෙමනම් ඔහු ගැන තවත් දුකයි. මොකද ඒකට එකඟ නොවෙන්න තරම් ඔහුට කොන්දක් නොතිබුන එකට. Akon ගෙ වීඩියෝ එකකට අපේ කට්ටිය ගොඩාක් කෑ ගැහුව මට මතකයි. ඒකානම් පරයෙක්, අපේ එකෙක් නෙවි කියලවත් හිත හදාගන්න තිබුන. ඒත් බෞද්ධයාගේ බණ පොත් වල නිතරම කියවෙන තවුතිසාවෙ ජනෙල් බිඳින ළහිරු ගැන කුමන කතාද…? මම හිතන්නෙ නෑ වෙන කිසිම ආගමක ජාතියක තමුන්ගෙම දේවල් මේ තරම් හෑල්ලුවට ලක් කරන කළාකාරයො ඇති කියලනම්. හරිම කණගාටුයි ළහිරු සහෝදරයා… ජීවිතේ, කළාව කියන්නෙ සල්ලි නිසා අම්ම-අප්ප, ආගම-ජාතිය විකුණාගෙන කන එකට නෙවි. තමුන් කරන්නෙ හරි දෙයක්නම්, හැමෝම ඒක පිළිගනීවි සතුටෙන්. පහුවෙලා හරි. ඒකයි එදා වගේම අදටත් අමරදේව මාස්ටර්ගෙ “සසර වසන තුරු…” සිංදුවට මිනිස්සු ආස කරන්නෙ. ඒ වගේම ඔහුට ගරු කරන්නෙත්. සුනිල් එදිරිසිංහයන්ගෙ “අම්මා…” ගීතයට කඳුළු වගුරවන්නෙ. මිනිස්සු මළත් නම පවතින්නෙ එතකොටයි.
මාළුව නහින්නෙත් කට හින්දලු. ඒක නිසා කවුරු, කවුරුත් දෙයක් කියන්න කලින් ටිකක් හිතල බැලුවොත් හොඳයි කියලයි මමනම් හිතන්නෙ… ඔය තමුන්ගෙ සිංදුව හිට් කරගන්න කියල හිතාගෙන ඕනම දහපදුරා වැඩක් කරන හැම කෙනෙක්ම ටිකක් පොලොවෙ පයගහගෙන හිතුවොත් හොඳයි. මොකද ඔය කවුරුත් උඩ පනින්නෙ මිනිස්සු ආදරේ කරනකම් විතරයි නිසා… ඔන්න අපි ගියා. කාටවත් මඩක්වත්, අපහාසයක්වත් නෙවි මම කලේ. හිතන්න පොඩි ඉඟි ටිකක් දුන්න විතරයි.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.