අපේ තාත්තා…

අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්aතාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි.

මම පෙර පාසල් යන කාලයේ තාත්තා මාවත් බයිසිකලයේ තබාගෙන කිලෝ මීටර හය-හතක් බයිසිකලය පැද්දේය. එදවස් තවමත් මා සිතේ සොඳුරු සිහිනයක් සේ සිත්තම් වී ඇති අයුරු පුදුමය.

මගේ පාසලේ හැම වැඩකටව වාගේ ආවේ තාත්තාය. ඔහු කිසිවිටෙකත් කලබල නොවන්නෙකි. පාසලෙන් කට්ටි පැන හසුවූ දිනක පාසලට ආවේද තාත්තාය. ඒත් ඔහු කලබල නැත. ගාමිනී සර් කියූ දේ සාවදානව අසා සිටි ඔහු මාත් කැටුව ආපසු ගෙදර ආවේය. මටද කිසිවක් නොකීය. ඒත් ඔහු නොකී දේ මට දෑස් තුලින් දැකගත හැකිවිය. එදායින් පසු මම කිසිමදාක කට්ටි පැන්නේද නැත.

තාත්තා මහ පුදුම මිනිසෙකි. පාසල් යන කාලයේ පටන් ඔහු මාව දුම් රිය පොළට ඇරලවයි. හවසට රැගෙන යාමට පැමිණෙයි. අදටත් ඔහු එහෙමමය. සමහර දිනක ඔහු පැමිණෙන්නට ප්‍රමාද වූ දිනක මට කේන්ති යයි. ඒත් ඔහු නොවේ කේන්ති ගන්නේ. කෙසේ වෙතත් මා ඔහු සමග කට ගසාගෙන නොයයි. ඒ බියකට හෝ අන් කිසිවකට නොවේ, ඔහු කෙරේ ඇති භක්තියකටය.

තාත්තා තරම් ඉවසන මිනිසෙකු මා තවත් දැක නැත. ලෝකය පෙරළුනත් ඔහු, ඔහුගේ පාඩුවේ වැඩය. ගමේ සමිතිය ඔහුට මහා ලොකු දෙයකි. ඔහු එය මහා ලොකු වගකීමකින් කරයි. අතින් වියදම් කරගෙන ඔහු සමාජ සේවය කරයි. අම්මා කොතරම් කෑ ගැසුවත් ඔහු නොවේය සැලෙන්නේ. මා මෙන්ම ගමේ මිනිසුන්ද ඔහුට ගෞරව කරයි. ගමේ මිනිසුන් මට සලකන්නේද ඔහුට ඇති ගෞරවයකට මිස මට ඇති බම්බුවකට නොවේය. ඒත් මා ඔහුට ඒ බවක් නොපෙන්වයි. ඒත් සත්‍ය එයයි.

ඔහු කිසිමදාක මට නීති නොදැමීය. මට මගේ පාඩුවේ කැමති දෙයක් කරන්නට ඉඩ දුන්නේය. ඒ ඔහු මා විශ්වාස කළ බැවිනි.තාත්තා පුදුම අවංකය. රාජකාරිය තරම් ඔහුට තවත් දෙයක් නොමැත. ඔහුගේ විනෝදාංශයද එයම විය හැක. මුදල් යනු ජීවිතය නොවන බව මා උගත්තේ මගේ තාත්තාගෙනි. ඔහු සතුටින් ජීවිතය ගෙන යයි. ඔහුගේ ජීවිතය මගේ තරම් කළබලකාරී නැත. හේ මිදුල අතු ගායි, තණකොළ කපයි, වත්ත-මිදුල පිරිසිදුව තබාගනියි. මටනම් ඒවාට වෙලාවක් නැත. ඒත් ඔහු තාත්තා කෙනෙක් වීත් ඔහුට වේලාව ඇත.

තාත්තා ඊයේ කොහෙන්දෝ ෆාමසියකින් බෙහෙත් වගයක් ගෙනත්ය. එහි වටිනාකම රු. 1100.00 ක් වුවද කඩේ කොලුවාට වැරදී තාත්තාගෙන් ගෙන ඇත්තේ රු. 110.00 කි. ඔහුත් ඒ බවක් නොදැන ගෙදර ඇවිත්ය. ආ පසුය ඔහුට වැඩේ තේරී ඇත්තේ. බිල් පතේ තිබූ අංකයට ඇම්තූ ඔහු ඉතිරි මුදල් මනි ඕඩරයකින් යවා ඇත. ඒ තාත්තාගේ හැටිය. ඔහු අවංක වැඩියැයි වෙලාවකට මට සිතේ.

ඉතින් මගේ තාත්තා ගැන කියනවානම් බ්ලොග් පිටු දාහක්වත් ඕනෑය. කෙසේ වෙතත් අපේ තාත්තා දාහකින්වත් සොයාගත නොහැකි පුදුම මනුස්සයෙකි. මම ඔහුට රු. 6000.00 ණයය. ඒත් ඔහුගේ මුලු ණය පියවීමටනම් මට සංසාරෙදිවත් බැරිය…

Advertisement

4 Responses to “අපේ තාත්තා…”

  1. wow niyamai bro, u have a great dad. all the best u r v lucky.
    Dear bro, oyage blogs mara creative eth black background ekakth ekka kiyawanna amarui… If you can change background, it is good.
    Good luck brother.

  2. Ravindra Lakpriya Says:

    Hey bro…this is the best article i have read in my life. im stuck in this desert. i miss my dad too.

    Mage thaththatath Gamini sir talks dunna. Podi paththara scene ekakata. eth ape thaththa kiwwe gedara awilla oka samanya deyak. habayi owa test kalata kamak naha jeewithe winasa kara ganne nathuwa kiyala. mama eda indala nosandala wada walata set une naththe gamini Sir ta baye neme…mage thaththa mona magulatada gamini sir issaraha charter karanne kiyala hitha gena.

    feels great when we think about those days isnt ?

    • ස්තුතියි කොමෙන්ටුවට සහෝ… මම හිතන්නෙ අපි හැමෝටම අපේ තාත්තා වටිනව. ඒක දැනෙන්නෙ අපි ලොකු උනාම… මට හිතෙන විදියට තමුන්ගෙ දරුවන්ට රහසින් ආදරය කරන, රැකබලා ගන්න තාත්තල තමයි මේ ලෝකෙ එළිය කරන්නෙ…
      ඇත්ත සහෝ, කිසිම කෙනෙක් කැමති නෑ තමුන්ගෙ තාත්ත පිට කෙනෙක් ඉදිරිපිට පාච්චල් වෙනව දකින්න. අපි මොන තරම් නොසන්ඩාලකම් කලත් ඒකෙන් ලැජ්ජ විඳින්නෙ අපේ දෙමාපියො. ඒක අපි හිතට ගන්න ඕන…
      ජය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.