හිතවතී…
එකී මෙකී නොකී දාහක් දේවල් නිසා පහුගිය ටිකේම කිසිම නිදහසක් තිබුනෙ නෑ. කොහොමහරි අදනම් පෝස්ට් එකක් දානව කියලමයි පුටුවෙ වාඩි වුනේ.
ඉතින් පහුගිය දවස්වල මගෙ හොඳම යාළුවෙක් ගියා රට. රට කිව්වෙ එංගලන්තෙ. ගොඩක් ආසාවෙන් ඉඳල ලොකු “ඩම්” එකක් දාල තමයි වැඩේ ගොඩ දාගත්තෙ. හ්ම්ම්ම් ඔයාල බලයි ඉතින් මට මොකද මේ හදිසියෙම එයාව මතක් වුනේ කියල. මේකයි කතන්දරේ.
සමහර දේවල් තියෙනව ජීවිතේ කවදාවත් අමතක නොවෙන මතකයන්. අපි හැමෝටම තියෙනව ඒ වගේ අත්දැකීම් ඕන තරම්. ඉතින් මේකත් ඒ වගේ තමයි. ඉතින් ඒ සමහර මතකයන් සදාකාලිකවම මතකයන් විතරයි. ආයෙ කවදාවත් ඒ වගෙ සුන්දර අවස්ථාවන් අපිට ලැබෙන්නෙ බොහොම කළාතුරකින්. ඉතින් අපි අතර ගෙවුනු ඒ සුන්දර මතකයනුත් ඒ වගේ තමයි. මතකයන් විතරයි. කොහොම වුනත් එයා ගියෙනම් මාත් එක්ක හිත හොඳින් නෙවේ කියල මම දන්නව. ඒත් ඉතින් මොනව කරන්නද. එයා හිතනව ඇති මම මහ නපුරෙක් කියල, නැත්නම් ඉරිසියාකාරයෙක් කියල. ඒත් ඒකට හේතුවත්, ඉන් හටගත් ඵලයත් දන්නෙ සසඳයාම තමයි… (හිනා)
ඉතින් මගෙ ඒ විශේෂ හිතවතීත් එක්ක ගතකරපු සොඳුරු දවස් හැමදාමත් මගෙ මතකයන් අතර තියේවි. හැබැයි ආයෙ කවදාවත් අත්විඳින්න නොලැබෙන සුන්දර මතකයන් විදියට විතරක්… ඉතින් ඒ වගෙ සුන්දර අවස්ථාවන්වල සිදුවුන රසබර සිදුවීම්, සංවේදී දේවල් එහෙම ඉස්සරහට කියන්නම්කො හොඳේ….
හැබැයි ඕං කවුරුත් මාව වැරදියට එහෙම ගන්නව නෙවි හරිද? :p අදට නවතින්නම්. ජය