දේශ සීමා ආක්‍රමණය

ඉතින් අදත් හිතුන පෝස්ට් එකක් දාල යන්න. මොකද ඉතින් කාලය කියන දේ හරිම හිඟ දෙයක්නෙ.

අද මම වැඩට ගියෙ නෑ. දැම්ම නිවාඩුවක්. වෙන මොකටවත් නෙවි බෙහෙත් ටිකක් ගන්න. ඇති මහලොකු ලෙඩකටත් නෙවි. අපේ අම්මගෙ වදෙන් බේරෙන්න. ඉතින් මම ඔය ඉංගිරිස් බෙහෙත් පාවිච්චිය හරිම අඩුයිනෙ. ඉංගිරිස් බෙහෙතකට කියල බොන්නෙ පණු බෙහෙත් විතරයි (හිනා). ඉතින් උදෙන්ම නැග්ග මගෙ සුපුරුදු වාහනේට. ඒ කිව්වෙ කෝච්චියට හොඳේ. ඔන්න ඉතින් යනව. හම්බ වුනා යාළුවො දෙන්නෙකුත්. එකෙක් ගම්පහින් බහිනව. අනික රාගමින්. මම ඉතින් කොටුවටම යන එකානෙ. හරි බරි ගැහිල වාඩිවෙලා තුන්දෙනාම යනව ඔන්න.

මෙන්න ටික දුරක් යනකොට අයියල, නංගිල, මාමල, නැන්දල, දූල, පුතාල ටික ටික වැඩිවුනා. අපි වාඩිවෙල හිටපු තැනත් අර හැමදාම යන අයගෙ තැනක්ද කොහෙද. කස්ටිය හෝ ගාල අපිට රවනව. අපිත් ඉතින් අපි නෙවි වගේ යනව. ඇයි දෙයියනේ මේක පුදුම රටක්නෙ. අපිට වාඩිවෙල යන්න නරකද. හැමදාම යන අය විතරද වාඩිවෙලා යන්න ඕන? හැබැයි මම මෙතනදි විශේෂ දෙයක් දැක්ක. ඒක තමයි පිරිමින්ට වැඩිය ගෑණු තමයි රවන්නෙ. බේරෙන්න බැරි එයාලගෙන්. අර කොල්ලො කොහොමත් හිටගෙන යන්නෙ. මොකද මගින් නගින, නගින කෙල්ලට උන් ඉඩ දෙන්න ඕනනෙ… හිකිස්…

අනේ අරුන් දෙන්නම මගින් බැස්සට පස්සෙ මම තනි වුනා. මගෙ යාළුව රාගමින් බැස්සම එතන වාඩිවුනා නංගිල දෙන්නෙක්. බැස්සෙ එකෙක් වුනාට වාඩිවුනා දෙන්නෙක්. අනේ මගෙ යාළුව එච්චර මහත එහෙම නෑ. ඒ වුනාට නංගිල අපූරුවට වාඩිවුනා. එක්කෙනෙක් හොඳට පිටිපස්සට හේත්තු වෙලා වාඩිවුනා. ඒත් අනිත් එක්කෙනාට ඉඩ මදි නිසා සීට් එකේ භාගෙට තමයි වාඩි වුනේ. ඔන්න ඉතින් යනව. ටිකකින් මට තේරුනා භාගෙට වාඩිවෙලා උන්නු නංගි ටික ටික දඟලනව වගේ. ඔන්න එතකොට තමයි මට තේරුනේ වැඩේ. නංගිය  හිමීට දේශ සීමා ආක්‍රමණය කරනව. අන්තිමට කැලණිය දිහාට එනකොට මොකක්ද දන්නවද තත්වෙ? නංගිල දෙන්න හොඳට හේත්තු වෙලා නිදි. මේ අයිය තඩි බෑග් එකත් ඔඩොක්කුවෙ තියාගෙන භාගෙට වාඩිවෙලා. බැරිම තැන අයිය නැගිටල දොර ළඟට ගියා. කොටුවට යනකම්ම හිටගෙන තමයි ඉතින්… අනේ දුක්කේ සංසාරේ. මින් පස්සෙනම් කළින් වෙන් කළ ආසන වල වාඩි වෙන්නෙ නෑ මේ අයිය. ඕං කිව්ව…

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.